මුදල් භාවිත කිරීම පිළිබඳ යෝජනාව සම්මතයි - කථානායක

අග්‍රාමාත්‍ය ලේකම්ට මුදල් භාවිත කිරීමේ බලය අහෝසි කරන යෝජනාව සම්මතයි

by Staff writer 29-11-2018 | 12:43 PM

COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය ලේකම්වරයාට ජනරජයේ මුදල් භාවිත කිරීමේ බලය අහෝසි කිරීමේ යෝජනාව සම්මත වූ බව කථානායක කරූ ජයසුරිය මහතා මීට ටික වේලාවකට පෙර නිවේදනය කර තිබේ.

කථානායකවරයා ප්‍රකාශ කළේ, යෝජනාව සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 123 ක් ලැබුණු බවයි. විපක්ෂව කිසිදු ඡන්දයක් ලැබී තිබුණේ නැත. මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතායි. ආණ්ඩු පක්ෂය අද උදෑසන පැවති පක්ෂ නායක රැස්වීම සහ පාර්ලිමේන්තු රැස්වීම වර්ජනය කර තිබේ.