by Staff writer 28-11-2018 | 6:27 PM
COLOMBO (News 1st) : රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කරන ලද විශේෂ ජනාධිපති කොමිසමේ වාර්තාව අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත භාර දී තිබේ.
කොමිසමේ සභාපති එස්. රනුක්ගේ මහතා ජනාධිපතිවරයා වෙත වාර්තාව පිළිගැන්වූ වූ අතර එහි සෙසු සාමාජිකයෝ ද එම අවස්ථාවට සහභාගීව සිටියහ.
රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක චක්‍රලේඛ හා විධිවිධාන කෙරෙහි අවධානය යොමු කරමින් රාජ්‍ය අංශයේ වැටුප් ආශ්‍රිත ගැටලු හෝ විෂමතා ඇත්නම් ඒවා විසඳීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මෙම කොමිසම පත් කරනු ලැබී ය.
ඒ පසුගිය අගෝස්තු මස 14 වන දා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබු තීරණයකට අනුවයි.
එස් රනුක්ගේ මහතා සභාපතිවරයා ද , එච්. ජී. සුමනසිංහ මහතා ලේකම්වරයා වශයෙන් කටයුතු කරන මෙම කොමිසමේ සාමාජිකයින් සංඛ්‍යාව 15කි.