මාතර පිහිඇණුමේ තෙවන සැකකරුත් රිමාන්ඩ්

මාතර පිහිඇණුමේ තෙවන සැකකරුත් රිමාන්ඩ්

by Sagarika Chathumali 28-11-2018 | 6:20 PM
COLOMBO (News 1st) : මාතර, ඇලවේල්ල පාරේ උපකාරක පංතියක් අසලදී පිහියකින් ඇන සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තෙවන සැකකරු වන 17 හැවිරිදි තුනුරු විමුක්ති ජයවීර ලබන මස 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ සැකකරු අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සිද්ධියේ ප්‍රධාන සැකකරු වන 17 හැවිරිදි ජාතූන් කන්කානම්ගේ සිතිජ සෞන්දර්ය පෙරේදා අධිකරණයට භාර වීමෙන් අනතුරව ලබන මස 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. මෙම සිද්ධියට අදාළ දෙවන සැකකරු වන 17 හැවිරිදි කුෂාන් නම්නජිත් සමරසිංහ දිසානායක නැමති සිසුවා ද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.