පොලිස් පරීක්ෂකවරුන් 65ක් පොලිස් අධිකාරී තනතුරට

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 65 දෙනෙකු පොලිස් අධිකාරී තනතුරට උසස් කෙරේ

by Staff writer 28-11-2018 | 6:57 AM
COLOMBO (News 1st) - ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 65 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කර තිබේ. පොලිස් මූලස්ථානය සඳහන් කළේ, පොලිස් කොමිෂන් සභාවේ නිර්දේශ මත එම උසස් වීම් ලබා දුන් බව ය. මෙම පිරිසෙන් 48 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති නඩුවකදී ඇති වූ එකඟතාවක් මත සහකාර පොලිස් අධිකාරී නිලයට උසස් කර තිබේ. තවත් 17 දෙනෙකු 2014 සහකාර පොලිස් අධිකාරී සම්මුඛ පරීක්ෂණයෙන් ලබා ගත් ලකුණු අනුව පත් කළ බව පොලිස් මූලස්ථානය පැවසුවේ ය. 2018 ජුලි 10 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම උසස්වීම් කර ඇත්තේ වසර දෙකක වැඩ බලන කාලයකට යටත්ව ය.