මාතර රසිදු ගිම්හාන් කඳුළු මධ්‍යයේ අවසන් ගමන් යයි..

සිසු ගැටුමක බිල්ල වූ මාතර රසිදු ගිම්හාන් කඳුළු මධ්‍යයේ අවසන් ගමන් යයි...

by Staff writer 27-11-2018 | 10:28 PM
COLOMBO (News 1st) - මාතර ඇලවේල්ල පාරේ උපකාරක පන්තියක් අසළදී සිදු වූ පිහි ඇණුමකින් මිය ගිය රසිදු ගිම්හාන්ගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරිණි. මේ අතර සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, අද උදැසන 6.20ට පමණ මාතර‍ කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාතර නගරයේදී සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බව ය. 17 හැවිරිදි ඔහු මාතර, වල්ගම පදිංචිකරුවෙකි. සැකකරු, ඝාතනය සඳහා පැමිණි යතුරු පැදිය පැදවූ අය බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඊයේ අධිකරණයට භාර වීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර තවත් සැකකරුවෙකු ඊයේ දහවල් මාතර පොලිස් අධිකාරී කාර්යාලයට භාර විය. ඔවුහු ද 17 හැවිරිදි වියේ පසු වූහ.