වසරේ රග්බි ක්‍රීඩකායට හිමි සම්මානය ජොනීට

වසරේ රග්බි ක්‍රීඩකායට හිමි සම්මානය ජොනීට

by Staff writer 27-11-2018 | 7:27 AM
COLOMBO (News 1st) : අයර්ලන්තයේ ජොනී සෙක්ස්ටන් 2018 වසරේ රග්බි ක්‍රීඩකායට හිමි සම්මානය හිමිකර ගත්තේ ය. ඔහු වාර්තා අතරට එක්වුණේ, එම සම්මානය 2001 වසරෙන් පසුව හිමිකර ගත් පළමු අයර්ලන්ත ජාතිකයා ලෙසයි. ලොව පුරා සිටින දක්ෂ රග්බි ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් හා කණ්ඩායම් ඇගයීම සඳහා ලෝක රග්බි සම්මේලනය විසින් පවත්වන ලබන වාර්ෂික සම්මාන උළෙල මොනාකෝ හීදී පැවැත්විණ. එහිදී වසරේ රග්බි ක්‍රීඩකයාට හිමි සම්මානය හිමිකර ගත්තේ අයර්ලන්තයේ ජොකි සෙක්ස්ටන් විසිනි. 2001 වසරෙන් පසුව වසරේ රග්බි ක්‍රීඩකායට හිමි සම්මානය හිමිකරගත් පළමු අයර්ලන්ත රග්බි ක්‍රීඩකයා ද ඔහු ය. වසරේ රග්බි ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා සෙක්ස්ටන්ට අමතරව දකුණු අප්‍රිකාවේ රග්බි ක්‍රීඩකයින් වන මැල්කම් මාක්ස් හා ෆෆ් ඩ ක්ලක් නිර්දේශ වී සිටියහ. කෙසේ වෙතත් වසරේ රග්බි ක්‍රීඩකයාට හිමි සම්මානය නවසීලන්ත ක්‍රීඩකයින්ගෙන් ගිලිහුණේ, වසර 7 කට පසුව වීම ද විශේෂත්වයකි. අයර්ලන්ත ජාතික රග්බි කණ්ඩායමේ පුහුණුකරු ජෝ ශ්මිඩ් වසරේ රග්බි පුහුණූකරුට හිමි සම්මානය දිනා ගත්තේ ය. මීළඟ රග්බි ලෝක කුසලානයෙන් පසුව ඔහු අයර්ලන්ත කණ්ඩායමේ පුහුණුකරු ධූරයෙන් ඉවත් වන බව පසුගිය දා නිවේදනය කළ අතරඉන් පසුව මෙම සම්මානය ඔහුට හිමිවීම ද විශේෂත්වයකි. නවසීලන්තයේ ජසී ට්‍රේමියුලීයා වසරේ රග්බි ක්‍රීඩිකාවට හිමි සම්මානය හිමිකර ගත්තෙ ය. මෙවර සය සමාජික රග්බි ලෝක ශුරතාවලිය දිනා ගත් අයර්ලන්ත කණ්ඩායම වසරේ රග්බි කණ්ඩායමට හිමි සම්මානය හිමිකර ගත්තේ ය.