මාතර පිහි ඇණුමේ තුන්වන සැකකකරුත් අත්අඩංගුවට

මාතර පිහි ඇණුමේ තුන්වන සැකකරුත් අත්අඩංගුවට

by Sagarika Chathumali 27-11-2018 | 8:08 AM
COLOMBO (News 1st) : මාතර, ඇලවේල්ල පාරේ උපකාරක පංතියක් අසලදී පිහියකින් ඇණ සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, අද උදැසන 6.20 ට පමණ මාතර‍ කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාතර නගරයේදී සැකකරු අත්අඩංගුවට ගනු ලැබ ඇති බවයි. තුනුරු විමුක්ති ජයවීර නමැති 17 හැවිරිදි ඔහු මාතර, වල්ගම පදිංචිකරුවෙකි. සැකකරු, ඝාතනය සඳහා පැමිණි යතුරු පැදිය පැදවූ අය බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මේ අතර පිහි ඇනුමෙන් මියගිය 19 හැවිරිදි රසිඳු ගිම්හාන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ මාතරදී සිදු කිරීමට නියමිතයි.

මාතර පිහි ඇණුමේ සැකකාර සිසුවා අධිකරණයට භාරවෙයි