බැඳුම්කර වාර්තාවේ පිටපත් භාෂා තුනෙන්ම සති 2ක් ඇතුළත

by Staff writer 27-11-2018 | 3:47 PM
COLOMBO (News 1st) - මහ බැංකු බැඳුම්කර වාර්තාවේ පිටපත් භාෂා තුනෙන්ම සති 2ක් ඇතුළත නිකුත් කරන ලෙසට ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දුන් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ, අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය හමුවේදී ය.