ගෝඨාභය ඇතුළු 7 කට එරෙහි නඩුව කල්යයි

ගෝඨාභය ඇතුළු 7 කට එරෙහි නඩුව කල්යයි

by Staff writer 27-11-2018 | 1:11 PM
COLOMBO (News 1st) : ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගරය ඉදිකිරීමේදී රුපියල් තුන්කෝටි 39 ලක්ෂයකට අධික රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 07 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන මස 04 වැනිදා දක්වා කල්බිණ. අද දින නඩුව කැඳවනු ලැබුවේ, විශේෂ මහාධිකරණයේ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මියගෙන් සමන්විත ත්‍රීපුද්ගල විනිසුරු මඬුල්ල හමුවෙයි. පැමිණිල්ල විසින් ඉල්ලා ඇති ලේඛන ලබන 30 වන දා හෝ ඊට පෙර ලබා දෙන ලෙස අධිකරණය අද රාජ්‍ය හා පෞද්ගලික බැංකු කිපයකට සහ ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ ප්‍රධාන නීති නිලධාරිණියට නියෝග කළේ ය. නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පීරිස් මහතා කියා සිටියේ නඩුවට අදාල ලියකියවිලිවලින් 80%ක්ම මේවන විට විත්ති පාර්ශවය වෙත ලබා ඇති බවයි.