කතානායකට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තුව වර්ජනය කළා

කතානායක ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තුව වර්ජනය කළා - නිමල් සිරිපාල

by Staff writer 27-11-2018 | 1:31 PM
COLOMBO (News 1st) : පාර්ලිමේන්තුව වර්ජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම මේ වන විට පාර්ලිමේන්තු පරිශ්‍රයේ රැස්වීමක් පැවැත්වේ. එහිදී නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා ඇත්තේ, කථානායකවරයාගේ නිත්‍යනුකූල නොවන වැඩපිළිවෙලට විරෝධය පළකරමින් අද පාර්ලිමේන්තුව වර්ජනය කළ බවයි. මේ අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතු ලිපියක් යොමු කරමින් කතානායකවරයාගෙන් ඉල්ලා සිටින්නේ, පසුගි 14 වන දා 15, 16, 19 සහ 23 වන දිනයන්හි පාර්ලිමේන්තු කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, ස්ථාවර නියෝග හා පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව සිදු නොවූ බවයි. ඒ අනුව පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා පිළිගත නොහැකි බවත් ඒ අනුව එකී වාර්තා ප්‍රසිද්ධ කිරීම නතර කරන ලෙසත් ය.