"එළවළු ආනයනය කිරීමේ කිසිදු සූදානමක් නැහැ"

"එළවළු ආනයනය කිරීමේ කිසිදු සූදානමක් නැහැ"- කෘෂිකර්ම ඇමති

by Staff writer 27-11-2018 | 10:12 AM
COLOMBO (News 1st): එළවළු ආනයනය කිරීමේ කිසිදු සූදානමක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, වර්ෂාවත් සමග ඵලදාව පහත වැටීම හේතුවෙන් මේ දිනවල එළවළු මිල ඉහළ යමින් ඇති බවයි. මෙම තත්ත්වය ලබන මාසය වන විට යථා තත්ත්වයට පත්වනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. වැසි සමයේ එළවළු වගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා නව ක්‍රමවේද පිළිබඳ අධ්‍යනයක් ආරම්භ කර ඇතැයි ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ය. මේ අතර දෛනිකව එළවළු මිල ගණන් ඉහළ යමින් ඇතැයි පිටකොටුව මැනිං වෙළඳපොළේ වෙළඳ සංගමය පවසයි. එහි සභාපති ගාමිණී හඳුන්ගේ මහතා පැවසුවේ, කැරට්, මාළුමිරිස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 300 ඉක්මවා ගොස් ඇති බවයි. අමු මිරිස් කිලෝග්‍රෑමයක් රුපියල් 500ත් 550ත් අතර මිලකට අලෙවි කෙරෙන බව ද ඔහු සඳහන් කළේ ය.