අක්කරෙයිපත්තුවේ වෙඩි වැදීමකින් දෙදෙනකුට තුවාල

අක්කරෙයිපත්තුවේ වෙඩි වැදීමකින් දෙදෙනකුට තුවාල

by Staff writer 27-11-2018 | 11:08 AM
COLOMBO (News 1st) : අක්කරෙයිපත්තුව ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු අතින් අත්වැරදීමකින් ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් අද අලුයම පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, අක්කරෙයිපත්තුව පොලිසිය ඊයේ රාත්‍රියේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බවයි. එම මෙහෙයුම අතරතුර හිස් ආවරණ නොමැතිව පැමිණි යතුරු පැදියක් නතර කරන ලෙසට පොලිසිය අණ කර ඇති අතර එහිදි යතුරුපැදිකරුවන් යතුරු හරවා නැවත ගමන් ගැනීමට තැත්කර තිබේ. එහිදි පොලිස් නිලධාරියෙකු සිය ගිනි අවිය අත්වැරදිමකින් ක්‍රියාත්මක වීමෙන් යතුරු පැදියේ සිටි පුද්ගලයින් දෙදෙනා තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා අක්කරෙයිපත්තුව රෝහලට ඇතුළත් කර තිබේ.