හබරකඩ වසන්ත, මීගොඩ උපුල් වෙඩි හුවමාරුවකින් මරුට

'හබරකඩ වසන්ත', 'මීගොඩ උපුල්' STF සමග වෙඩි හුවමාරුවකින් මරුට

by Staff writer 27-11-2018 | 6:15 AM
COLOMBO (News 1st) : කොට්ටාව, රුක්මල්ගම අධිවේගී මාර්ග ගුවන් පාලම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු වන 'හබරකඩ වසන්ත' සහ 'මීගොඩ උපුල්' එලෙස මිය ගොස් ඇති බවයි. සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු සැරිසරන බවට ඊයේ රාත්‍රී ලද තොරතුරක් අනුව, එහි ගිය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට අපරාධකරුවන් විසින් වෙඩි තැබීමක් සිදු කර තිබේ. එහිදී විශේෂ කාර්ය බලකාය එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ වෙඩි වැඳී තුවාල ලැබු අපරාධකරුවන් හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය. හබරකඩ වසන්ත නමැත්තා, පසුගියදා මාතර ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධිය ප්‍රධාන සැකකරුවෙකු වන බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය.