English
தமிழ்
කර්තෘ Staff writer
27 Nov, 2018 | 10:08 pm
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා මහ බැංකුව මෙරට සංසරණය සඳහා අද නව කාසි කිහිපයක් නිකුත් කළේ ය.
රුපියල, රුපියල් 02, රුපියල් 05 හා රුපියල් 10 යන කාසි වර්ග හතරකින් යුත් නව කාසි කාණ්ඩය දෙසැම්බර් මස 03 වන දා සිට වාණිජ බැංකු හරහා සංසරණයට නිකුත් කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.
ලෝහාලෝපිත කාසිවලට වඩා වැඩි කල් පැවැත්මක් ඇති මළ නොබැඳෙන වානේවලින් මෙම නව කාසි නිෂ්පාදනය කර තිබේ.
කාසිවල විෂ්කම්භය හා ඝනකම ද කාසියේ වටිනාකම සමග වැඩි වන අනුපිළිවෙළට වෙනස් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.
මෙහි පළමු කාසි ඇසුරුම අද මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් පිළිගැන්වූයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ය.
29 Nov, 2019 | 07:01 PM
19 Jan, 2019 | 10:40 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS