දේශපාලන අර්බූද මැද කොළඹදී සත්‍යග්‍රහ දෙකක්

දේශපාලන අර්බූද මැද කොළඹදී සත්‍යග්‍රහ දෙකක්

by Staff writer 26-11-2018 | 9:53 AM
COLOMBO (News 1st) : මතුව ඇති දේශපාලන අර්බුදය මූලික කරගනමින් කොළඹදී මේ වනවිට සත්‍යග්‍රහ දෙකක් පැවැත්වේ. ජාතික සිසුජන ව්‍යාපාරය විහාරමහාදේවි උද්‍යානය අසලදී ඊයේ අඛණ්ඩ සත්‍යග්‍ර‍යක් ආරම්භ කළේ ය. ඒ ඇතිව ඇති දේශපාලන අර්බුදය විසඳීම සඳහා මැතිවරණයකට යොමුවන ලෙස බලකරමිනි. මේ අතර ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට පෙළ ගැසෙමු යන තේමාවෙන් කොළඹ මහනගර සභාව ඉදිරිපිට පසුගිය 21 වන දා ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහය අද 6 වන දිනටත් ක්‍රියාත්මකයි.