රනිල් ඇතුළු මන්ත්‍රීන් 122ක් ගොනු කළ පෙත්සම කැඳවයි

රනිල් ඇතුළු 122ක් ගොනු කළ පෙත්සම සලකා බැලීමට තීරණය කෙරේ

by Staff writer 26-11-2018 | 11:54 AM
COLOMBO (News 1st) : වත්මන් අග්‍රාමාත්‍යවරයාට හා අමාත්‍ය මණ්ඩලයට අගමැති ධුරය හා අමාත්‍ය ධුර දැරීමට නිත්‍යානුකූල බලයක් නොමැති බව බව නිගමනය කරන්නැයි, ඉල්ලා ගොනු කර ඇති පෙත්සම සලකා බැලීම සඳහා ලබන 30 සහ 03 වන දා කැඳවීමට අභියාචනාධිකරණය අද තීරණය කළේ ය. පෙත්සම ගොනු කර ඇත්තේ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු මන්ත්‍රීවරුන් 122කි. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ හා කැබිනට් මණ්ඩලය ඇතුළු 49 දෙනෙකු පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ. අද දින පෙත්සම කැඳවනු ලැබුවේ, අභියාචනාධිකරණ සභාපති විනිසුරු පී. පද්මන් සූරසේන  සහ අර්ජුණ ඔබේසේකර යන විනිසුරු මඬුල්ල හමුවේයි.