ප්‍රදීප් කාරියවසම්ට වසර 05 ක අත්හිටවු සිරදඬුවමක්

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ට වසර 05 ක අත්හිටවු සිරදඬුවමක්

by Staff writer 26-11-2018 | 4:55 PM

COLOMBO (News 1st) - ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතාට අද වසර 05 ක අත්හිටවු සිරදඬුවමක් හා රුපියල් ලක්ෂ 03 ක දඩයක් නියම කර තිබේ.

ඒ, රජයට අලාභයක් සිදු වන බව දැන දැනම ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මුදල් යොදවා ද ෆිනෑන්ස් සමාගමේ කොටස් ලක්ෂ 78 ක් මිලදි ගැනීම ඇතුළු චෝදනා 04 කට අධිකරණය හමුවේ වරදකරුවීම හේතුවෙනි. කොළඹ පූර්වගාමී ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මොහුට එම දඬුවම් නියම කර ඇත. 2012 මාර්තු 01 සිට මැයි 30 අතර කාලය තුළ එම අක්‍රමිකතා සිදු කළ බවට ප්‍රදීප් කාරියවසම් මහතාට එරෙහිව චෝදනා ගොනු කර තිබුණි.