by Staff writer 25-11-2018 | 3:39 PM
COLOMBO (News 1st) : බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් බ්‍රෙක්සිට් ක්‍රියාවලියට, යුරෝපා කවුන්සිලයේ නිර්දේශ ඉදිරිපත්ව තිබේ.
එහි සභාපති ඩොනල්ඩ් ටක්ස් සඳහන් කළේ, බ්‍රිතානයේ අනාගතය තීරණය කෙරෙන ලේඛන තමාට ලැබී ඇති බවයි.
අද පැවැත්වෙන සමුළුවට සහභාගී වීම සඳහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ, බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරට පැමිණ තිබේ.
සමුළුව අද පෙරවරුවේ ආරම්භ වන්නේ යුරෝපා සංගමයේ සාමාජිකත්වය දරන රටවල් 28 ක රාජ්‍ය නායකයින්ගේ සහභාගිත්වයෙනි.
සමුළුව ආරම්භයට පෙර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ, ලෝක නායකයින් කිහිපදෙනෙකු සමග ද සාකච්ඡා කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.
කෙසේ වෙතත් අද පැවැත්වෙන සමුළුවේදී බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති.
ඊට අදාළ ගිවිසුමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ, අද අත්සන් තබනු ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.
බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත් වීමට නියමිතව ඇත්තේ 2019 වසරේ මාර්තු 29 වැනිදා සිටයි.
බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සඳහා පැවති ජනමත විචාරණය ජයග්‍රහණය කළේ 51.9% ඡන්ද සංඛ්‍යාවකිනි.
මෙම ක්‍රියාවලිය හරහා බ්‍රිතාන්‍යයට නව යුගයක් උදාවනු ඇතැයි අග්‍රාමාත්‍ය තෙරේසා මේ සඳහන් කළේ ය.