ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව හෙට රැස්වෙයි

ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව හෙට රැස්වෙයි

by Staff writer 25-11-2018 | 11:39 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව හෙට පස්වරුවේ රැස්වීමට නියමිත වේ.

ඒ, පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ, පක්ෂයේ ඉදිරි සංවිධාන කටයුතු සහ පුරප්පාඩු සහිත ආසන සංවිධායකධූරයන් පිළිබඳ එහිදී අවධානය යොමු කිරීමට සැලසුම් කර ඇති බවයි.