විදේශිකයින්ට පංචකර්ම ප්‍රතිකාර සේවා මධ්‍යස්ථානයක්

විදේශිකයින් වෙනුවෙන් දකුණේ පංචකර්ම ප්‍රතිකාර සේවා මධ්‍යස්ථානයක් ඇරඹේ

by Staff writer 25-11-2018 | 12:36 PM

COLOMBO (News 1st) - විදේශිකයින් සඳහා පංචකර්ම ප්‍රතිකාර සේවා මධ්‍යස්ථාන ආරම්භ කරන බව දකුණු පළාත් සභාව පවසයි.

මේ යටතේ නව රැකියා අවස්ථා උත්පාදනය වනු ඇති. ඊට අමතරව දකුණු පළාතේ ප්‍රධාන ආයුර්වේද රෝහල්වල ගෙවන වාට්ටු ආරම්භ කිරීම, හරිතාගාර ඇති කිරීම, පාරම්පරික වෛද්‍ය ක්‍රම සංරක්ෂණය මෙන්ම නව මධ්‍යම බෙහෙත් ශාලා ආරම්භ කරන බව දකුණු පළාත් සභාව සඳහන් කළේ ය. ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 85 කි.