වැඩි මිලට පොහොර අළෙවි කළ වෙළෙඳුන් පිරිසක් මාට්ටු

වැඩි මිලට පොහොර අළෙවි කළ වෙළෙඳුන් 100 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 25-11-2018 | 7:18 AM

COLOMBO (News 1st) - වැඩි මිලට පොහොර අළෙවි කළ වෙළෙඳුන් 100 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ අජිත් පුෂ්පකුමාර මහතා සඳහන් කළේ, පොහොර ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂවරුන්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, පොලීසිය සහ සංවර්ධන නිලධාරීන් ඇතුළු කණ්ඩායම් කළ වැටලීම්වලදී එම පිරිස අත්අඩංගුවට ගත් බවයි.