by Sagarika Chathumali 25-11-2018 | 6:23 PM
COLOMBO (News 1st) : මාතර, ඇලවේල්ල පාරේ උපකාරක පන්තියක් අසලදී 19 හැවිරිදි සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් 5ක් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.
පොලිසීය සඳහන් කළේ, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු හඳුනාගෙන ඇති බවයි.
පොලීසිය පැවසුවේ, සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි.
මේ අතර අපරාධය සිදු කිරීම සඳහා සැකකරුවන් පැමිණි යතුරුපැදිය මාතර නගරයේ තිබී අද පස්වරුවේ සොයා ගෙන තිබේ.
ඊයේ පස්වරුවේ සිදුවූ පිහි ඇනුමෙන් තුවාල ලැබූ මාහේන, තිහගොඩ පදිංචි 19 හැවිරිදි රසිඳු ගිම්හාන සිසුවා ජීවිතක්ෂයට පත්වූයේ, රෝහල්ගත කිරීමෙන් අනතුරුවයි.
සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටි සිසුවෙකු අද රෝහලෙන් පිටව ගිය බව රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.
මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ, ප්‍රධාන සැකකරුගේ පෙම්වතියට, මියගිය රසිඳුගේ සහෝදරයා බැණ වැදීමත් සමග දෙපාර්ශවය අතර අවස්ථා කිහිපයකදී ගැටුම් සිදුව ඇති බවයි.
එහි ප්‍රතිඵලයක් ලෙස ඊයේ පස්වරුවේ මෙම පිහිඇණුම සිදුව තිබිණ.