මාතර පාසල් සිසුවාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරඹේ

මාතර පාසල් සිසුවාගේ ඝාතනයට සම්බන්ධ සැකකරු සොයා පොලිස් කණ්ඩායම් තුනක්

by Staff writer 25-11-2018 | 6:59 AM

COLOMBO (News 1st) - මාතර, ඇලවේල්ල පාරේ උපකාරක පන්තියක් අසළදී 19 හැවිරිදි සිසුවෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් තුනක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු හඳුනාගෙන ඇති බවයි. සැකකරුවන් ප්‍රදේශයෙන් පළාගොස් ඇතැයි ද පොලීසිය පවසයි. ඊයේ පස්වරුවේ සිදු වූ පිහි ඇනුමෙන් තුවාල ලැබූ 19 හැවිරිදි රසිදු ගිම්හාන නමැති සිසුවා මියගියේ රෝහල්ගත කිරීමෙන් අනතුරුවය. ඔහු මාතර, මාහේන, තිහගොඩ පදිංචිකරුවෙකි. පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේ ය. සිද්ධියෙන් තුවාල ලැබු තව ත් සිසුවෙකු මාතර රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබනු ඇති. මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ, ප්‍රධාන සැකකරුගේ පෙම්වතියට මියගිය රසිදුගේ සහෝදරයා බැණ වැදීමත් සමග දෙපාර්ශවය අතර අවස්ථා කිහිපයකදී ගැටුම් සිදු ව ඇති බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඊයේ පස්වරුවේ මෙම පිහි ඇනුම සිදු විය.