පොලිස්පති CIDය හමුවට

පොලිස්පති CIDය හමුවට

by Sagarika Chathumali 25-11-2018 | 4:53 PM
COLOMBO (News 1st) : ප්‍රභූ ඝාතන සැලැස්මකට අදාළව සිදුවන පරීක්ෂණයක් වෙනුවෙන් ප්‍රකාශයක් ලබා දීමට පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උදෑසන 7.30ට පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ප්‍රකාශයක් ලබා දීමට පැමිණි බවයි. පැය 3 හමාරකට ආසන්න කාලයක් සිය ප්‍රකාශය ලබාදීමෙන් පසු පොලිස්පතිවරයා පෙරවරු 11.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමකට අනුව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා අද එහි පෙනී සිටියේ ය. දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර නමැත්තා ප්‍රභූ ඝාතනයක් සම්බන්ධයෙන්, පසුගිය දා කළ හෙළිදරව්වට අදාළව පොලිස්පතිවරයාගෙන් එම ප්‍රකාශය ලබා ගෙන ඇතැයි, පොලිසිය සඳහන් කළේ ය. පොලිස්පති, පුජිත් ජයසුන්දර, දුෂණ විරෝධි බලකාය, මෙහෙයුම් අධ්‍යක්ෂ , නාමල් කුමාර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව