ජ්‍යෙෂ්ඨ හා නි. පොලිස්පතිවරුන්ට ජනපතිගෙන් කැඳවීමක්

ජ්‍යෙෂ්ඨ හා නි. පොලිස්පතිවරුන්ට ජනපතිගෙන් කැඳවීමක්

by Staff writer 25-11-2018 | 3:14 PM
COLOMBO (News 1st) : සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් හෙට පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබේ. පොලිස් මූලස්ථානය සඳහන් කළේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්වීමක් සඳහා එලෙස කැඳවා ඇති බවයි. සියලු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට ඒ සඳහා සහභාගී වන්නැයි, පොලිස්පතිවරයා විසින් දැනුම් දී ඇතැයි ද පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය.