20 යි 20 ලෝක කුසලාන කිරුළ ඔස්ට්‍රේලියාවට

ඔස්ට්‍රේලියාව සිව්වන වරටත් 20 යි 20 ලෝක කුසලාන කිරුළ දිනා ගනී

by Staff writer 25-11-2018 | 1:14 PM

ඔස්ට්‍රේලියාව සිව්වැනි වරටත් පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් කිරුළ දිනා ගෙන තිබේ.

ඒ, එංගලන්තය පරාජය කරමිනි. පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විය. තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ එංගලන්තය සහ අවස්ථා තුනකදී ලෝක කිරුළ දිනූ ඔස්ට්‍රේලියාවයි. තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ. ඒ අනුව පන්දුවාර 19යි පන්දු 4 කදී එංගලන්ත කාන්තා කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 105 කි. ආරම්භක පිතිකරු ඩැනියෙල් වොට් ලකුණු 43 යි. නායක හීදර් නයිට් ලකුණු 25ක් රැස් කළා ය. ඔස්ට්‍රේලියා කණ්ඩායමේ දක්ෂ පන්දු යැවීම අබියස එංගලන්ත ක්‍රීඩිකාවන් 8 දෙනෙකුට ලකුණු 10 සීමාව පසු කිරීමට හැකි වූයේ නැත. ආෂ්ලි ගාඩ්නර් ලකුණු 22 ට කඩුලු 3ක් දවා ගෙන තිබේ. ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 15 යි එක් පන්දුවක් අවසානයේදී කඩුලු 2 ක් දැවී සිටියදීයි. ඇලීසා හීලි ලකුණු 22ක් රැස් කළාය. නායක මෙග් ලැනින් සහ ආෂ්ලි ගාඩ්නර් ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියාය. ආෂ්ලි ගාඩ්නර් ලකුණු නොදැවී ලකුණු 33 යි. නායක මෙග් ලැනින් නොදැවී ලකුණු 28ක් රැස් කර තිබේ. තරගයේ වීරයා ආෂ්ලි ගාඩ්නර්. තරගාවලියේ වීරයා ඔස්ට්‍රේලියාවේ ඇලීසා හීලි. 2010, 2012 සහ 2014 යන වසරවලදීද පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ජය ගත්තේ ඔස්ට්‍රේලියාවයි.