විවේචකයින්ට ජනපතිගෙන් අභියෝගයක්...

by Staff writer 24-11-2018 | 6:47 AM

COLOMBO (News 1st) - රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව හා තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ ප්‍රතිචාර දැක්විය.

ඒ, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ජනාධිපති රජත ජයන්ති සම්මාන ප්‍රදානෝත්සවයට එක්වෙමිනි. එහිදී ජනාධිපතිතුමා කියා සිටියේ රනිල් සමග අසාර්ථක දේශපාලන දීගය යනුවත් කෘතියක් එළිදැක්වීමට ද අපේක්ෂා කරන බවයි. තමා දේශපාලනයේ උඩුගම් බලා පිහිනන්නේ මාතෘ භූමියේ හෙට දවස වෙනුවෙන් බව ද ජනාධිපතිතුමා සඳහන් කළේ ය.