ඇවිත් යන්න...

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ හා ඔහුගේ දියණියගේ ග්‍රන්ථ 6 ක් ලබන 13 වැනි දා දොරට වඩී...

by Hashini De Mel 24-11-2018 | 4:52 PM

COLOMBO (News 1st) - ප්‍රවීණ සාහිත්‍යවේදී රත්න ශ්‍රී විජේසිංහ මහතා සහ ඔහුගේ දියණිය වන සම්මානි විජේසිංහ මහත්මිය විසින් රචිත ග්‍රන්ථ 6 ක් දෙසැම්බර් 13 වැනි දා පස්වරු 3.00 ට ජනගතවීමට නියමිත වේ.

ඒ, කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවැත්වෙන උත්සවයකදීයි. ඒ අනූව රත්න ශ්‍රී විජේසිංහ මහතා විසින් රචිත වීනක හා රෝස කුමාරි සහ රන් තැටියට ගී සින්දු ළමා ගී සරණිය ඇතුළු ග්‍රන්ථ 3 ක් එදිනට එළිදැක්වෙනු ඇති. සම්මානි විජේසිංහ මහත්මිය විසින් රචිත නඩු ගාස්තුව, හොල්මන් ගෙදර සහ දුවකගේ මතක යන ග්‍රන්ථ ද එහිදී එළිදැක්වීමට නියමිත වේ. මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ සහ ප්‍රවීණ ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධ යන මහත්ම මහත්මීන් එහි ප්‍රධාන දෙසුම් පවත්වනු ඇති. ප්‍රවීණ රංගන ශිල්පී අමින්ත වීරසිංහ මහතා පූරක ලෙස කටයුතු කරන ග්‍රන්ථ ජනගත කිරීමේ උළෙලට ඕනෑම අයෙකුට නොමිලේ සහභාගී විය හැකිය.