මාතරදී පිහි ඇනුමකින් සිසුවෙකු මරුට

මාතර උපකාරක පන්තියක් අසළදී සිදු වූ පිහි ඇනුමකින් සිසුවෙකු මරුට

by Staff writer 24-11-2018 | 4:14 PM
COLOMBO (News 1st) - මාතර ඇලවේල්ල පාරේ උපකාරක පන්තියක් අසළ සිදු වූ පිහි ඇනුමකින් 19 හැවිරිදි සිසුවෙකු මිය ගියේ ය. පොලීසිය සඳහන් කළේ, සිද්ධියෙන් තුවාල ලැබූ තවත් සිසුවෙකු මාතර රෝහලේ ප්‍රතිකාර ලබන බව ය. අද පස්වරුවේ එම උපකාරක පන්තිය ආසන්නයේදී සිසුන් පිරිසක් අතර ඇති වූ ගැටුමක් අතරතුර පිහි ඇනුම සිදුව ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. පිහි ඇනුමෙන් තුවාල ලැබූ 19 හැවිරිදි සිසුවා මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ. රසිදු ගිම්හාන නම් එම සිසුවා මාතර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක 13 වසරේ ඉගෙනුම ලැබූ අයෙකි. ඔහු මාතර, මාහේන, තිහගොඩ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.