මාගන්දනමුල්ලදී තරුණියක ගෙල සිර කර ඝාතනය කරයි

මාගන්දනමුල්ලදී තරුණියක ගෙල සිර කර ඝාතනය කරයි

by Staff writer 24-11-2018 | 4:03 PM
COLOMBO (New 1st) - මොණරාගල, මාගන්දනමුල්ල ප්‍රදේශයේදී තරුණියක ගෙල සිර කර ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ පෙම්වතා සැක කරන බව ය. ඝාතනයට ලක්ව ඇත්තේ, මාගන්දනමුල්ල පදිංචි 22 හැවිරිදි තරුණියකි. ඝාතනය සම්බන්ධයෙන් සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.