බේරුවලින් මුහුදු ගිය ධීවරයෙකු අතුරුදන්...

බේරුවලින් මුහුදු ගිය ධීවරයෙකු සැකකටයුතු ලෙස අතුරුදන්...

by Staff writer 24-11-2018 | 7:00 AM

COLOMBO (News 1st) - බේරුවල, බුබුලවත්ත ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයෙකු අතුරුදන්ව තිබේ.

එලෙස අතුරුදන්ව ඇත්තේ සුබපැතුම් 4 නැමැති බහුදින යාත්‍රාවෙන් පසුගිය මස 15 වැනි දා ධීවරයින් 6 දෙනෙක සමග මුහුදු ගිය 18 හැවිරිදි තරුණයෙකි. එම තරුණයාගේ පියා සඳහන් කළේ, තාරුක අරවින්ද ද සිල්වා නැමැති තම පුත්‍රයා මුහුදට වැටී ඇති බවට වෙනත් යාත්‍රාවක් මාර්ගයෙන් දැනගන්නට ලැබි ඇති බවයි. මේ වන විට සුබපැතුම් 4 ධීවර යාත්‍රාව ගොඩබිම බලා යාත්‍රා කරමින් ඇති බවත් එහි තම පුත්‍රයා එහි නොවන බවත් පියා සඳහන් කළේ ය. නිව්ස්ෆස්ට් කළ විමසුමකදී පොලීසිය පැවසුවේ ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි.