තබ්බෝව ඇතුළු ජලාශ 12 ක වාන් දොරටු විවෘත කෙරේ

තබ්බෝව ඇතුළු ජලාශ 12 ක වාන් දොරටු විවෘත කෙරේ

by Staff writer 24-11-2018 | 11:29 AM

COLOMBO (News 1st) - පවතින අධික වර්ෂාවත් සමග තබ්බෝව ඇතුළු ජලාශ 12 ක වාන් දොරටු තවදුරටත් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ වසන්ත බණ්ඩාර පළුගස්වැව මහතා සඳහන් කළේ, වාරි මාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය කරන අනුරාධපුරය, හම්බන්තොට සහ මඩකලපුව දිස්ත්‍රික්කවල පිහිටි ජලාශවල වාන් දොරටු මෙලෙස විවෘත කර ඇති බවයි. ඒ අනුව නුවරවැව, මහවිලච්චිය, රාජාංගනය, මහකනදරාව, බදගිරිය ජලාශවල වාන් දොරටු විවෘත කර ඇත. දෙබරවැව, මව්ආර, මුරුතවෙල, තිස්ස වැව, වීරවිල, දැදුරුඔයේ වාන් දොරටු මේ වන විට විවෘත කර ඇති බව වසන්ත බණ්ඩාර පළුගස්වැව මහතා සඳහන් කළේ ය. මෙම ජලාශවල පහළ ප්‍රදේශවල ජීවත්වන ජනතාවට බලපෑමක් නොවන ලෙස ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.