තජූඩීන් ඝාතනයේ සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කෙරේ

තජූඩීන් ඝාතනයේ සැකකරුවන්ට එරෙහිව CIDය, අධිකරණය හමුවේ චෝදනා ගොනු කරයි

by Staff writer 24-11-2018 | 8:11 PM
COLOMBO (News 1st) - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රගර් ක්‍රීඩක වසීම් තජූඩීන් ඝාතනයේ සැකකරුවන්ට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ගොනු කර ඇති බව සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කළේ ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම චෝදනා පත්‍ර ගොනු කරනු ලැබුවේ, මීට පෙර පැවති නඩු වාරයකදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ලබා දුන් නියෝගයකට අනුව ය. නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යාවා ඇති එම නඩුව පිළිබඳ වාර්තාවේ සඳහන් වන්නේ, නාරාහේන්පිට පොලිස් ස්ථායේ අපරධාන පරීක්ෂණ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා හා හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක දණ්ඩ නීත සංග්‍රහයේ 198 සහ 215 වෙනි වගන්තිය යටතේ වැරදි සිදු කර ඇති බව ය. කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර දණ්ඩ නීති සංග්‍රහයේ 198 වගන්තිය යටතේ වරදක් සිදු කර ඇති බව ද නීතිපතිවරයා අදාළ වාර්තාවේ තවදුරටත් සඳහන් කර තිබේ. මේ අතර දවස දේශපාලන වැඩසටහනට එක්වෙමින් අසාද් සාලි මහතා ද තජූඩීන් ඝාතනය සම්බන්ධයෙන් අදහස් පළ කළේ ය.