ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 24-11-2018 | 6:31 AM
1. කථානායකගේ තීරණයට 121 දෙනෙක් පක්ෂ වෙති: පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 10.30ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. කථානායකවරයා පාර්ලිමේන්තුව ආරම්භයේදී තේරීම් කාරක සභාව සඳහා පත් කරනු ලැබූ නියෝජිතයින්ගේ නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. 2. දැරියන් දෙදෙනෙක් බිලිගත් මාපාකඩ වන අලි ප්‍රහාරය: අවුරුදු ගණනක් මහිංගනයේ ජනතාව අලිවැටක් ඉල්ලා සිටියත් තවමත් එය ලබාදීමට අසමත්වී තිබේ. එහි ප්‍රතිඵලය වූයේ කුඩා දැරියන් දෙදෙනෙකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීමයි. 3. සා.පෙළ විභාගයේ උපකාරක පන්ති ලබන 27 වැනි දා සිට තහනම්: අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු ඇතුළු සියලු කටයුතු ලබන 27 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 4. කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට පැය 18 ක ජල කප්පාදුවක්: කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට අද පෙරවරු 8.00 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. 5. ඝාතන කුමන්ත්‍රණ චෝදනාවකට මාලදිවයින් අත්අඩංගුවේ සිටි ලහිරු මදුෂංක දිවයිනට: ඝාතන කුමන්ත්‍රණ චෝදනාවකට මාලදිවයින් අත්අඩංගුවේ සිට නිදහස ලැබූ ලහිරු මදුෂංක දිවයිනට පැමිණ තිබේ. මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයෙකු ඝාතන කුමන්ත්‍රණ වරදට බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලාංකික තරුණයා ඊයේ දින නිදහස් කර ඇත. 6. රුපියල අදත් අවප්‍රමාණය වෙයි: අමෙරිකානු ඩොලරයක් ඊයේ රුපියල් 180.00 සීමාව ඉක්මවා ඉහළ ගොස් තිබේ. අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් ඇත. ශ්‍රී ලංකා මහබැංකුව ප්‍රකාශයට පත් කරන විනිමය අනුපාතය අනුව අද අමෙරිකානු ඩොලර් ඒකක විකුණුම් මිල රුපියල් 180.66 ක් දක්වා ඉහළ ගියේ ය.

දවසේ සිත්තම...