by Staff writer 24-11-2018 | 12:35 PM
COLOMBO (News 1st) - සුළු හා මධ්‍ය පරිමාණ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් වසර 5 ක කාලයක් සඳහා ආදායම් බදුවලින් නිදහස් කිරීමට රජය තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය පැවසූවේ, කෘෂිකාර්මික භාණ්ඩ යොදා ගනිමින් සැකසුම් කටයුතුවල නිරතවීමෙන් ලබන ලාභය මත අය කරන බදු අනුපාතය ද 28% සිට 14% දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බවයි.
මීට අමතරව කුඩා ව්‍යාපාර කටයුතුවල නිරත ව්‍යවසායකයින්ගේ ආර්ථික සේවා ගාස්තුවට අදාළ ආදායම් සීමාව කාර්තුවකට රුපියල් මිලියන 12.5 සිට මිලියන 50 දක්වා ඉහළ නැංවීමට ද යෝජනා කර ඇති බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය.