අපි ඡන්දයකට යන්න භය නැහැ - රනිල් වික්‍රමසිංහ

අපි ඡන්දයකට යන්න භය නැහැ - රනිල් වික්‍රමසිංහ

by Staff writer 24-11-2018 | 7:59 PM
COLOMBO (News 1st) - ආණ්ඩුවට එරෙහිව එක්සත් ජාතික පක්ෂය සංවිධාන කරන විරෝධතා රැළි මාලාවේ සමාරම්භක රැළිය අද මහනුවරදී පැවැත්විණි. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් යුක්තියේ ජන හඬ යන්න තේමා කර ගනිමින් මෙම රැළිය පැවැත්වුණේ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. මහනුවර නගර මධ්‍යයේ පැවති රැළිය සඳහා මහනුවර ඇඩ්මන් සිල්වා ක්‍රිඩාංගණයෙන්, අම්පිටිය දෙසින් සහ කටුගස්තොට දෙසින් ආරම්භ වුණු පාගමන් 3කින් පිරිස පැමිණියහ. අනතුරුව රැළිය ආරම්භ වුණේ, එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් රැසකගේ සහභාගීත්වයෙනි.