අද කොළඹ ප්‍රදේශ රැසකට පැය 18 ක් ජල කප්පාදුවක්

අද කොළඹ ප්‍රදේශ රැසකට පැය 18 ක් ජල කප්පාදුවක්

by Hashini De Mel 24-11-2018 | 11:38 AM

COLOMBO (News 1st) - කොළඹ ප්‍රදේශ රැසකට අද පෙරවරු 8.00 සිට පැය 18 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

මේ අනුව දෙහිවල - ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හා කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශ මහරගම, බොරලැස්ගමුව ඇතුළු ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවනු ඇති. ඊට අමතරව කොලොන්නාව නගර සභා බල ප්‍රදේශය, කොටිකාවත්ත - මුල්ලේරියා ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය සහ රත්මලාන හා සොයිසාපුර නිවාස සංකීර්ණය ආශ්‍රිත ප්‍රදේශයට ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ ය. අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය වාර්ෂික නඩත්තු කටයුත්තක් මීට හේතු වී තිබේ.