ඇඹිලිපිටිය ප්‍රා. සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

by Staff writer 24-11-2018 | 8:42 AM

COLOMBO (News 1st) - වෛද්‍යවරයෙකුට පහරදීමේ චෝදනා මත ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඇඹිලිපිටිය රෝහලේ වෛද්‍යවරයෙකුට පහරදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයවීර මාතරආරච්චි මහතාව අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගැනුණු මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.