අද කොළඹ ප්‍රදේශ රැසකට පැය 18 ක් ජල කප්පාදුවක්

අද කොළඹ ප්‍රදේශ රැසකට පැය 18 ක් ජල කප්පාදුවක්

අද කොළඹ ප්‍රදේශ රැසකට පැය 18 ක් ජල කප්පාදුවක්

කර්තෘ Hashini De Mel

24 Nov, 2018 | 11:38 am

COLOMBO (News 1st) – කොළඹ ප්‍රදේශ රැසකට අද පෙරවරු 8.00 සිට පැය 18 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

මේ අනුව දෙහිවල – ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හා කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශ මහරගම, බොරලැස්ගමුව ඇතුළු ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවනු ඇති.

ඊට අමතරව කොලොන්නාව නගර සභා බල ප්‍රදේශය, කොටිකාවත්ත – මුල්ලේරියා ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය සහ රත්මලාන හා සොයිසාපුර නිවාස සංකීර්ණය ආශ්‍රිත ප්‍රදේශයට ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ ය.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය වාර්ෂික නඩත්තු කටයුත්තක් මීට හේතු වී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]