by Staff writer 23-11-2018 | 6:16 PM
COLOMBO (News 1st) - අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු ඇතුළු සියලු කටයුතු ලබන 27 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පුජිත මහතා සඳහන් කළේ, සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 03 වැනි දා ආරම්භ වන බවයි.
එය ලබන 12 වැනි දායින් අවසන් වනු ඇති.
විභාග මධ්‍යස්ථාන 4661 කදී මෙවර විභාගය පැවැත්වෙනු ඇත.
සාමාන්‍ය පෙළ විභාගයට මෙවර පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 656,641 කි.
මේ අතර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණ ලබන 25 වන දායින් අවසන් වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පුජිත මහතා සඳහන් කළේ ය.