by Staff writer 23-11-2018 | 7:05 PM
අමෙරිකානු ඩොලරයක් අද රුපියල් 180.00 සීමාව ඉක්මවා ඉහළ ගොස් තිබේ.
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් ඇත.
ශ්‍රී ලංකා මහබැංකුව ප්‍රකාශයට පත් කරන විනිමය අනුපාතය අනුව අද අමෙරිකානු ඩොලර් එකක විකුණුම් මිල රුපියල් 180.66 ක් දක්වා ඉහළ ගියේ ය.
එහි ගැණුම් මිල දැක්වුනේ රුපියල් 176.72 ක් ලෙසයි.
ගෙවුණු මාසය තුළදී පමණක් ඩොලරයක මිල රුපියල් 8 කින් හෙවත් 4.55% කින් ඉහළ ගොස් තිබේ.
මේ වසර ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 18% කින් අවප්‍රමාණයවී බව මහබැංකු දත්ත විශ්ලේෂණයේදී දැකිය හැකියි.