by Staff writer 23-11-2018 | 5:22 PM
COLOMBO (News 1st) - අපරික්ෂාකාරි යතුරුපැදි ධාවනය නිසා බදුරලිය, අස්කෙළිවත්ත ප්‍රදේශයේදී වයස අවුරුදු එකහමාරක් වයසැති බිළිඳෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ.
බදුරලිය, අස්කෙළියවත්ත ප්‍රදේශයේ අවුරුදු එකහමාරක් වයසැති මෙම බිළිඳා පසුගිය දා මෙම අනතුරට මුහුණදී ඇත.
ප්‍රදේශවාසින් පැවසුවේ, කුමාර්රාජ් ලක්ෂාන් වන මෙම බිළිඳා සිය අසල්වැසියෙකු සමග මෝල්කාව බදුරලිය මාර්ගය මාරුවීමේදී මෙලෙස යතුරු පැදියක ගැටී ඇති බවයි.
බිළිඳා බදුරලිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කළුතර නාගොඩ සහ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට මාරු කළ පසු ඊයේ උදෑසන මියගොස් ඇත.
අප වාර්තාකරු පැවසුවේ, බිළිඳා අනතුරුට ලක්වන අවස්ථාවේ අසල පිහිටි වෙළෙඳසැලක සවිකර තිබු CCTV කැමරාවක අනතුර සටහන්ව තිබු බවයි.
යතුරුපැදිකරු පළාගොස් ඇති අතර බදුරලිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ඇත.