by Staff writer 23-11-2018 | 8:35 AM
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30 ට රැස්වේ.
ඊට පෙර පෙරවරු 9.30ට පක්ෂ නායක රැස්වීමක් ද පැවැත්වීමට නියමිත ය.
මේ අතර කථානායකවරයා සභාපතිත්වය දරණ කාරක සභාවට දේශපාලන පක්ෂ නියෝජිතයින් 12 දෙනෙකු පත් කළ යුතුයි.
ඒ අනුව ආණ්ඩු පක්ෂය පෙරේදා (21) පස්වරුවේ සිය නියෝජිතයින් 7 දෙනා නම් කර පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට යොමු කර තිබිණි.
ජනතා විමුක්ති පෙරමුණ ද සිය නියෝජිතයින් ලෙස විජිත හේරත් සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මන්ත්‍රීවරුන් මේ වන විට නම් කර අවසන් ය.
එක්සත් ජාතික පෙරමුණ ද නියෝජිතයින් 5 දෙනෙකු ඊයේ රාත්‍රියේ රැස් වූ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී නම් කර තිබේ.
ඒ සමග මේ වන විට නියෝජිතයින් 14 දෙනෙකුගේ නම් තේරීම් කාරක සභාවට යෝජනා වී ඇති අතර දෙමළ ජාතික සන්ධානය තේරීම් කාරක සභා නියෝජනය පිළිබඳව සිය ස්ථාවරයන් මෙතෙක් ප්‍රකාශ කර නොමැත.
මේ අතර අදත් පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය සහ විශේෂ ආරාධිත මෙන්ම ආරාධිත ගැලරිය ද වසා දැමෙනු ඇති.