දැරියන් දෙදෙනෙකුට දිවි අහිමි කළ වන අලි පහර දීම

දැරියන් දෙදෙනෙකුට දිවි අහිමි කළ වන අලි පහර දීම

by Staff writer 23-11-2018 | 8:21 AM
COLOMBO (News 1st) - මහියංගනය මාපාකඩවැව ප්‍රදේශයේදී වන අලි පහර දීමකින් 9 හැවිරිදි සහ 11 හැවිරිදි දැරියන් දෙදෙනෙකු මිය ගොස් තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රී 11.50ට පමණ වන අලියෙකු ඔවුන්ගේ නිවසේ බිත්තියක් කඩා දමා ඇති බව ය. එම සිද්ධියෙන් පසු නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී වන අලියා කළ පහර දීමෙන් දැරියන් මිය ගොස් තිබිණි. මිය ගොස් ඇත්තේ, මොහොමඩ් ස්මයිල් රමිස් සහ අන්වර් උන්ම රාසියා නමැති දැරියන් දෙදෙනෙකි.