ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 23-11-2018 | 7:06 AM
COLOMBO (News 1st)  1. ණය ආපසු ගෙවීමේ කිසිදු ගැටලුවක් නොමැති බව ජාතික ආර්ථික සභාවේ ලේකම්වරයා කියයි. 2. තේරීම් කාරක සභාවට එක්සත් ජාතික පෙරමුණ නියෝජිතයින් 5 දෙනෙකු නම් කරයි. 3. කෘෂිකාර්මික ආදායම, ආදායම් බදුවලින් නිදහස් කිරීමට රජය තීරණය කර තිබේ. 4. ශ්‍රේෂ්ඨාධිකරණය සහ අනෙකුත් අධිකරණවල විභාග වන නඩු සම්බන්ධව නිසි පරිදි කරුණු නොදැන අදහස් දැක්වීමෙන් වැළකී සිටින්නැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට දන්වා තිබේ. 5. නඩු 10 සැකකරුවෙකු කෑගල්ල බන්ධනාගාරයෙන් පැන යයි. විදෙස් පුවත් 6. අමෙරිකානු අගවිනිසුරු ජෝන් රොබර්ට්ස් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියා කලාපය හෙළා දැක තිබේ. ක්‍රීඩා පුවත් 7. ඉන්දීය – ඔස්ට්‍රේලියා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඩක්වර්ත් හා ලුවිස් න්‍යාය මත ලකුණු 4 කින් ජය ගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය.