කොළඹ ප්‍රදේශ රැසකට පැය 18 ක ජල කප්පාදුවක්

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට හෙට පැය 18 ක ජල කප්පාදුවක්

by Staff writer 23-11-2018 | 3:50 PM

COLOMBO (News 1st) - කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට හෙට පෙරවරු 8.00 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

මේ යටතේ දෙහිවල - ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශ මහරගම, බොරලැස්ගමුව ඇතුළු ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටුවනු ඇති. ඊට අමතරව කොලොන්නාව නගර සභා බල ප්‍රදේශය කොටිකාවත්ත - මුල්ලේරියා ප්‍රාදේශිය සභා බල ප්‍රදේශ සහ රත්මලාන හා සොයිසාපුර නිවාස සංකීර්ණය ආශ්‍රිත ප්‍රදේශයට ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ ය. අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය වාර්ෂික නඩත්තු කටයුත්තක් මීට හේතු වී තිබේ.