by Staff writer 22-11-2018 | 5:09 PM
(News 1st) - ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඊයේ දිනයට සාපේක්ෂව තරමක් පහළ ගොස් තිබේ.
අමෙරිකාවේ බොරතෙල් නිෂ්පාදනය වාර්තාගත ලෙස ඉහළ යාම ඊට හේතුව ය.
ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ, අමෙරිකානු ඩොලර් 63.28ක් ලෙස ය.
ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් ඩොලර් 53.38ක මිලකට අලෙවි කෙරේ.
මේ වන විට අමෙරිකාව දෛනිකව බොරතෙල් බැරල් මිලියන 11.7 ක් නිෂ්පාදනය කරන අතර එය වාර්තාගත අගයකි.