ලක්ෂ 36ක අයිස් මත්ද්‍රව්‍ය කටුනායකදී අත්අඩංගුවට

ලක්ෂ 36ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායකදී අත්අඩංගුවට

by Staff writer 22-11-2018 | 10:14 AM
COLOMBO (News 1st) : රුපියල් ලක්ෂ 36 ක් වටිනා අයිස් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300 ක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළේදි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අත්අඩංගුවට පත්ව තිබේ. චෙන්නායි සිට ඊයේ රාත්‍රි මෙරටට පැමිණි සැකකරුගේ යට ඇඳුම්වල සූක්ෂම ලෙස සඟවා එම මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමට තැත්කර ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ ය. 2017 වර්ෂයේදී ද නිතී විරෝධි ලෙස දුම්වැටි තොගයක් සමග අත්අඩංගුවට පත්ව ඇති පුද්ගලයෙකු වන ඔහු දිගු කලක සිට මත්ද්‍රව්‍ය ජාවාරම් කර ඇති බවට පොලීසිය සැකපළ කරයි. අත්අඩංගුවට ගත් සැකකරු අද දින මීගමුව මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර දින 7 ක රැඳවුම් නියෝග ලබා ගැනීමට බලාපොරොත්තු වන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පැවසී ය.