මොරගහකන්දේ ජල මට්ටම ඉහළ නගී

මොරගහකන්දේ ජල මට්ටම ඉහළ නගී

by Staff writer 22-11-2018 | 11:25 AM
COLOMBO (News 1st) : මොරගහකන්ද ජලාශයේ ජල ධාරිතාව එහි සමස්ත ධාරිතාවෙන් 90% ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජලාශය කාර්යභාර ඉංජිනේරු පී. එස්.බණ්ඩාර මහතා සඳහන් කළේ, මේ වනවිට ඝන මීටර් මිලියන 504.5 ක ජල ධාරිතාවක් ජලාශයේ පවතින බවයි. ජාලාධාර ප්‍රදේශවලට තවදුරටත් වැසි ඇද හැළෙන බැවින් මෙය තවදුරටත් ඉහළ යා හැකි බව ඔහු සඳහන් කළේ ය. මේ අතර පවතින වර්ෂාවත් සමග වාරිමාර්ග දේපාර්තමේන්තුවට අයත් ජලාශ 72 හි ධාරිතාව 65% ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මහවැලි පද්ධතියට අයත් ජලාශවල ධාරිතාව ද එහි අපරිම මට්ටමේ පවතින බව එම අධිකාරිය සඳහන් කළේ ය.