by Staff writer 22-11-2018 | 9:15 PM
COLOMBO (News 1st) - ශ්‍රේෂ්ඨාධිකරණය සහ අනෙකුත් අධිකරණවල විභාග වන නඩු සම්බන්ධව නිසි පරිදි කරුණු නොදැන අදහස් දැක්වීමෙන් වැළකී සිටින්නැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට දන්වා තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ මධ්‍යම කාර්යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, පසුගිය දිනවල පැවති මාධ්‍ය සාකච්ඡාවලදී හා වෙනත් වැඩසටහන්වලදී එ.ජා.ප. මන්ත්‍රීවරුන් දක්වා ඇති අදහස් සැලකිල්ලට ගනිමින් මෙම දැනුම් දීම කර ඇති බව ය.
විෂයානුබද්ධ කරුණු පිළිබඳ අදහස් දැක්වීමේදී වගකීමෙන් හා දැනුවත් භාවයෙන් අදහස් දැක්වීම කළ යුතු බව ද විෂය පිළිබඳ ප්‍රාමාණික දැනුවත් බවක් නොමැති අවස්ථාවන්හිදී අදහස් දැක්වීමෙන් වැළකී සිටිය යුතු බව ද රනිල් වික්‍රමසිංහ මහතා අදාළ මන්ත්‍රීවරුන්ට මෙහිදී අවධාරණය කර තිබේ.